Welcome to the mirror of SRI LANKA

Welcome to the mirror of SRI LANKA

Saturday, September 3, 2011

කෘෂි අංශය ........

                           ශ්‍රී ලංකාවේ භූ දර්ශනයෙහි, සාරවත් පස, හිතකර දේශගුණය, ජාල පහසුව ආඳිය මුල්කර ගෙන ගොඩනැගුන කෘෂි අංශය වඩා වැදගත් තැනක් ගනී. කෘෂි අංශය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතය.
  1. බෝග වගාව
  2. සත්ත්ව පාලනය
  3. ධිවර කර්මාන්තය 
                         කෘෂි ආර්ථිකයෙන් රටේ සංවර්ධනයට මහත් පිටුවහලක් ලැබේ. දේශීය ආහාර බෝග නිෂ්පාදනය මෙන් ම අපනයනය සඳහා බෝග වගාව ද මෙහි ඳී වැදගත් වේ.

Thursday, September 1, 2011

පුබුදමු ශ්‍රී ලංකා (Economy of Sri Lanka)

                       අතීතයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය මුල් කර ගෙන ගොඩනැගුනත් වර්තමානයේ ආර්ථිකය තුළ හඳුනා ගත හැකි විවිධ ක්ෂේත්‍ර වර්ධනය වී තිබේ.
                              ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රධාන අංශ තුනකින් සමන්විත වේ.                                                  
  • කෘෂිකර්මය 
  • කර්මාන්ත 
  • සේවා



ලාංකීය සංස්කෘතිය (Introduction of Culture)

                          සංස්කෘතිය (Culture) පිළිබඳව විවධ නිර්වචන (definitions) ඉදිරිපත් වී තිබේ. සංස්කෘතිය යනු සමාජයක ජනතාවගේ ජිවත් වීමේ ක්‍රමයයි. පුළුල් ව විමසා බලා විවිධ නිර්වචන සංස්කෘතිය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කර ඇත. ප්‍රසිද්ධ මානව විද්‍යාඥයකු (Human Scientist) වන ඊ. බී. ටයිලර් (Mr. E.B.Tylor) පහත සඳහන් පරිදි සංස්කෘතිය නිර්වචනය කර තිබේ.

                 "සංස්කෘතිය යනු දැනුම (knowledge), ඇදහිලි (faiths), විශ්වාස (beliefs), කලාව (art), සදාචාරය (morals), නීතිය (low), සිරිත්විරිත් (customs) හා සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා සාක්ෂාත් කරගත් හුරුපුරුදු (capabilities) හා හැකියාවන් (habits) ඇතුළත් සංකීර්ණ සමස්තයයි". 
                         මෙම නිර්වචනයට අනුව සංස්කෘතිය පැහැදිලි කිරීම සඳහා ජන සමාජයක පවත්නා බොහෝ දේ ඇතුළත් කර තිබේ. දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව, සදාචාරය, නීතිය, සිරිත්විරිත්, පුරුදු, හැකියාවයනාදිය ඒ අතර ප්‍රධාන වේ.
                          අප රටේ වසර 2500 ට වඩා දිගු ඉතිහාසයකට හිමිකම් කියන සංස්කෘතියක් තිබේ. ආර්යයන්ගේ පැමිණීම (coming of the Aryans) හා බුදුදහමේ අභාෂයෙන් (influence of Buddhism) පෝෂණය වූ දියුණු සිංහල බෞද්ධ සංස්කෘතියක් අපට හිමි වී තිබේ. පසු කාලයේ දී පැමිණි දෙමළ ජනයාගේ දෙමළ හින්දු සංස්කෘතිය (Hindu culture of Tamils) ද ශ්‍රී ලංකා සංස්කෘතියට එක් විය. ඉන් පසු ව වෙළෙඳාම සඳහා පැමිණි මුස්ලිම් ජනයා නිසා මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතික ලක්ෂණ ද, බටහිර ජාතීන්ගේ පැමිණීම හේතුවෙන් ඉංග්‍රීසි භාෂාව (English language), කතෝලික (Catholism), ක්‍රිස්තියානි ආගම් (Christianity), විවිධ ආහාරපාන (various food & beverages), සිරිත්විරිත් (customs) අප සංස්කෘතියට ඇතුළත් වී තිබේ. වර්තමානය වන විට විවිධ ජනවර්ග, ආගම්, භාෂා ඇතුළත් බහුවිධ ලක්ෂණ සහිත සංස්කෘතියක් (multi cultural society) මෙරට දක්නට ලැබේ.

Wednesday, August 31, 2011

ජාතික කොඩිය (National Flag)

ජාතික ගීය මෙන්ම ජාතික කොඩිය ද යම් රටක ජාතික අනන්‍යතාවය පෙන්නුම් කරන සංකේතයකි. වර්තමානයේ භාවිතා කෙරෙන ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය බිහි වුයේ 1948 මාර්තු 06 දින එවකට ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා  වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා (Hon. D.S.Senanayaka) විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශය පරිදිය.
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා (Hon. S.W.R.D.Bandaranayaka) එම කමිටුවේ සභාපති වූ අතර ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා (Prof. Senarath Paranavithana) එම කමිටුවේ ලේකම් වරයා ලෙස කටයුතු කර ඇත.
                           රතු පසුබිමක අසිතපත අතින් ගත සිංහයා, බෝපත් හතර, තැඹිලි වර්ණ තීරුව, කොළ වර්ණ තීරුව යන වර්ණ හා සංකේත ජාතික කොඩියට ඇතුලත් වේ.



ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ....................

               ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලට ද විවිධ ජනවර්ග, විවිධ ආගම් අදහන ජන කොටස් විවිධ භාෂා කතා කරන ජන කොටස් ජිවත් වෙති.ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීමේදී සිංහල, දෙමළ, මුස්ලිම් ජන නායකයන් සහයෝගයෙන් කටයුතු කළහ.
  • එෆ්. ආර්. සේනානායක     (Mr. F. R. Senanayake)
  • මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක     (Mr. D. S. Senanayaka)
  • සර් ඩී. බී. ජයතිලක     (Mr. D. B. Jayathilaka)
  • ජී. ඒ. හේවාවිතාරණ     (Mr. G. A. Hewawitharana)
  • ඊ. ඩබ්. පෙරේරා     (Mr. E. W. Perera)
  • ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්     (Mr. Ponnambalam Ramanadan)
  • පොන්නම්බලම් අරුණාචලම්     (Mr. Ponnambalam Arunachalam)
  • ට්‌. බී. ජයා      (Mr.T. B. Jayah )
වැනි අයනිදහස සඳහා සහයෝගයෙන් කටයුතු කළහ.

                      අප රටේ ජිවත් වන ජනතාව ජාතියක් වශයෙන් එක්සත් ව, එකමුතු ව කටයුතු කිරීම රටේ සංවර්ධනයට හේතු වනු ඇත. ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතාවය පෙන්නුම් කරන සංකේත වශයෙන් ජාතික ගීය (National Anthem), ජාතික කොඩිය (National Flag), රාජ්‍ය ලාංඡනය (National Emblem) යන සංකේත වැදගත් වේ. 


                        

ශ්‍රී ලංකා ජාතික ගීය(National Anthem)

ශ්‍රී ලංකා මාතා 
අප ශ්‍රී..... ලංකා, නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි ඇති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අපහට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්ති පූජා 
නමෝ නමෝ මාතා
 අප ශ්‍රී..... ලංකා, නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා - ඔබ මය අප සත්‍යා 
ඔබවේ අප ශක්ති - අප හද තුළ භක්ති
ඔබ අප ආලෝකේ - අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජිවන වේ - අප මුක්තිය ඔබ වේ
නව ජිවන දෙමිනේ - නිතින අප - පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු - මැන ජය භුමි කරා
එක මවකගේ දරු කල බැවිනා 
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සම භේද දුරැර දා නමෝ නමෝ මෑත 
අප ශ්‍රී..... ලංකා, නමෝ නමෝ නමෝ නමෝ මාතා

                    ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘවරයා ආනන්ද සමරකෝන් මහතා (Mr. Ananda Samarakoon) ය. 1948 පෙබරවාරි මස 04 දින පැවති ප්‍රථම නිදහස් උත්සවයේ (first independence day celebration) දී පළමු වන වරට ජාතික ගීය ගායනා කරනු ලැබිය. රටක පුරවැසියන් තුළ තම මව්බිම පිලිබඳ ගෞරවයක්, භක්තියක් හා අභිමානයක් ඇති කිරීමත් ජාතික සමඟිය ඇති කිරීමත් ජාතික ගීය තුළින් අපේක්ෂා කෙරේ. 

                  රාජ්‍ය උත්සව (State functions), ජාතික උත්සව (National festivals), පාසල් උත්සව (School ceremonies), ශ්‍රී ලංකාව නියෝජනය කරන තරඟ, සම්මේලන උත්සව (spirt function and seminars with Sri lankan representatives) අවස්ථාවල දී ජාතික ගීය ගායනා කරනු ලැබේ. ජාතික ගීය ගායනා කරන අවස්ථාවල දී සීරුවෙන් හා ශ්‍රී ලංකා මාතාවට ගරු නමස්කාර කරන ආකාරයේ ඉරියව්වෙන් සිටිය යුතුය.

Monday, August 29, 2011

අසිරිමත් ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු.......

                         "ආසියාවේ ආශ්චර්ය " කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාව වර්තමානය වන විට තුන් වන ලෝකයේ දියුණු වෙමින් පවතින නොව දියුණුවේ හිනි පෙත්තටම ගමන් කරන එකම රට යයි පවසන්නේ කිසිදු දෙගිඩියාවකින් තොරවයි. ඒ කිමෙක්ද මෙසේය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය දියුණු සංස්කෘතියකින් හෙබි රාජ්‍යක් බවට පත් වුයේ මහින්දාගමනයෙන් පසුවය. එතැන් පටන් ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකාව පියමෙන්නාවූ ගමන් මග පිලිබදව මෙහිදී සාකච්චාවට බදුන් වන අතර  විශේෂයෙන් පහත සඳහන් අංශ පිලිබඳ විස්තර අන්තර්ගත වේ.

  • ශ්‍රී ලංකාවේ භූ ගෝලීය පිහිටීම  (relief)
  • ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය  (identity)
  • ශ්‍රී ලංකාවේ සංස්කෘතිය    (culture)
  • ශ්‍රී ලංකාවේ ආර්ථිකය    (economy)
  • ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය  (scenery)